YAN Sri Lanka

ලෝක කාන්තා දිනය

ලෝක කාන්තා දිනය අදයි.

කාන්තා දිනය යනු මුළු ලෝකයේ ම කාන්තාවන් උදෙසා වෙන් වූ දිනයකි. අද ලෝකයේ කාන්තාවන් හට දක්වන අදරය ගෞරවය ඉතාමත් පහල මට්ටමකට වැටී ඇතදශක ගණනාවකට ඉහතදී 1908 වසරේ මාර්තු 08 වන දින ඇමරිකා එක්සත් ජන පදයේ ඇඟලුම් කර්මාන්තයක සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය 16 ක සේවා මුරය පැය 10 කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබා දෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවර දී පෙළපාලි ගොස් තිබේ.එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909 දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳව අදහසක් ලොව තුළ පැන නැඟිණ.නිල වශයෙන් කාන්තා දිනය සැමරිය යුතු බවට තීරණය කෙරුණේ 1910 වසරේ දී කූපන්හීක් නුවර පැවති රැස්වීමකින් අනතුරුවය.එහිදී ඔවුන් තෝරා ගත්තේ පෙබරවාරි 28 වෙනිදා ය.

1910 වසරේ දී කූපන්හීක් නුවරට රැස් වුණු අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 08 වන දිනය නම් කර තිබේ.මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ කාන්තා අයිතින් සුරකීම සහ කාන්තා අභිවෘද්ධිය උදෙසාය.ප්‍රථම සැමරුම කූපන්හීක් නුවර දී පැවති සමුළුවෙන් අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක කාන්තා දිනය සමරනනු ලැබීය. එලෙස ලොව කාන්තා දිනය සමරන රටවල් කිහිපයක් ලෙස ඔස්ට්‍රියාව,ඩෙන්මාකය ජර්මනිය සහ ස්විට්සර්ලන්තය හැදින්විය හැකි ය.එම රටවල් අතරට අයත් පළමු ලෝක යුද්ධය අවසාන වන තුරු කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව නොතිබූ අතර ඉන්පසුව ලොව බොහෝ රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ද හිමි විය. ලොව සියළුම කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වීමත් සමගය. අද ලෝකය දෙස බැලූවිට කාන්තාවන් ගේ නිදහස කාන්තාවන්ගෙන් උදුරාගෙන ඇත. අද වන විට ලෝකයේ කාන්තාවන්ට රැකියා වලට පවා යාමට සිදුවී ඇත.කාන්තාවන් හට තම නිවසේ වැඩ කටය කටයුතු පමණක් නොව තම දහඩිය මහන්සියෙන් හරිහම්බ කර ගැනීමට ද සිදු වී ඇත. කාන්තාවන් පිට රට යවා මුදල් හම්බ කරන රටවල් වලින්ද අද ලෝකය පිරී පවතී.තමන්ට අවශ්‍ය පරිදි ඇදුමක් පැලදුමක් අදීමටවත් ගමනක් යාමටවත් අද කාන්තාවන්ට ඉඩක් නොමැත. අද කාන්තාවක් යනු එක්තරා ජන කොට්ටාසයක වහල්ලියක් හෝ අතකොලුවක් බවට පත් කරගෙන ඇත.

අපි කාන්තා අයිතින් සුරකිමු.

කාන්තාවන් හට ගරු කරමු.

කාන්තා නිදහස ලබා දෙමු.

ලෝ වැසියනි නිතිනේ

ගැහැණුන් යන නම නොකියන්නෙ

සැම දුක් ඉවසා ඉන්නේ

ගැහැනිය යනු පතිනියකි බොලන්නේ

 

Ayodya Sathsarani

Add comment

Recent Actions