මේ වන විට ලෝකය මනුෂ්‍ය වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙමින් තිබේ ඒ මිනිසාගේ වරදින්ම මිස පෘථිවියේ හෝ ස්වභාවධර්මයේ වරදින් නිසාවත් නොවේ පෘථිවියේ මනුෂ්‍ය ඝනත්වයට සාපේක්ෂව ඔවුන්ගේ ”තිරසාර නොවන ජීවන ක්‍රම” යහපත් මාර්ගයකට නොගන්නේ නම් තවදුරටත් මිනිසාගේ පැවැත්ම මේ මහ පොළොව මත තහවුරු කරන්නට නොහැකි බව මේ මහා ධරණි තලය මේ වන විට අපට දී ඇති පණිවිඩයයි. මේ වන විට පෘථිවියේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක එකකින් දැනටමත් වැඩි වී ඇති අතර වාතයේ කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය 50% කින් වැඩි වී ඇත. මුහුදේ ජල මට්ටම සෙන්ටිමීටර 20 කින් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය වැඩි වී දේශගුණික විපර්යාස ඇති වී දැවැන්ත ආපදා ඇතිවීමෙන් පවතී. මෙවන් තත්ත්වයක් තුළ තවදුරටත් ජීවය පෘථිවිය මත පවත්වාගෙන යෑම අභියෝගයකට ලක් වී ඇති බව අපට දක්නට ලැබේ.
මෙවැනි තත්ත්වයන් තවදුරටත් අවම කරගත හැක්කේ තිරසාර සංවර්ධන මඟකට ලෝකයා එකඟ වන්නේ නම් පමණි. තිරසාර සංවර්ධනය වනාහි අනාගත පරම්පරාවට සිය අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව අනතුරේ හෙළීමකින් තොරව වර්තමානයේ අවශ්‍යතා සපුරා ගනිමින් සිදුකරන සංවර්ධනය යි.
දශක ගණනාවක් තිස්සේ, මේ පිළිබඳව ලෝක ප්‍රජාව තර්ක විතර්ක මත ගැටුම් මැද, 2015 සැප්තැම්බර් මාසයේදී වැදගත් එකඟතාවයකට පැමිණියහ. ඒ තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් ඔස්සේ යහපත් ජීවන පැවැත්මක් ඇති කරගැනීම සඳහාය.
මෙම ඉලක්ක ජගත් ප්‍රජාව විසින් දරිද්‍රතාවය පිටුදැකීමට පියවර ගැනීම මිහින්තලය ආරක්ෂා කිරීම හා සියල්ලන්ටම සාමයෙන් හා සෞභාග්‍යයෙන් ජීවත් වීම සඳහා වූ සංවර්ධනයක් ඇති කිරීම අරඹයා සකස් කරන ලද විශ්ව අරමුණු දාහතකි. 2030 වර්ෂය වන විට එම ඉලක්ක සියලූ දෙනා විසින් ලඟා කරගත යුතු බවට අරමුණු කරගත් ගෝලීය තිරසාර සංවර්ධන අභිමතාර්ථ 17 ට ඉලක්ක 169 ක් සහ දර්ශක 244 ක් ඇතුළත් වේ.
මෙම අභිමතාර්ථ සහ ඉලක්ක මානව සංහතියේ අභිවෘද්ධිය සඳහා ඉතා වැදගත් පුළුල් පරාසයක් ආවරණය වන නව පියවර රැසකින් සමන්විත වන අතර ඒවා ජනතාව , පෘතුවිය , සෞභාග්‍යය, සාමය , හවුල් කටය යන පුළුල් ක්ෂේත්‍ර පහක් යටතේ දැක්විය හැකිය.
ඒ අනුව තිරසාර සංවර්ධන අභිමතාර්ථ නාය පත්‍රය තිරසාර සංවර්ධන අභිමතාර්ථ 17 ප්‍රකාශයට පත් කරමින් මෙම සහයෝගිතා ගමන් මඟ ආරම්භ කළ අතර මෙම සෑම අභිමතාර්ථයක් ම ඊට විශේෂිත වූ ඉලක්ක කිහිපයකින් සමන්විත වේ
1 කොතැනක හෝ පවතින හෝ කිනම් ආකාරයකින් වන දුගිබව අවසන් කිරීම.( No Poverty)
2 කුසගින්න නැති කිරීම ආහාර සුරක්ෂිත භාවය ඇති කිරීම හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය (Zero Hunger)
3 සෞඛ්‍යසම්පන්න ජීවිතයක් තහවුරු කිරීම හා සියල්ලන්ටම සෑම වයසකදීම සුභසාධනය ඇති කිරීම.( Good Health and Well-being)
4.සියල්ලන් සඳහා සමානාත්මතාවයෙන් යුතු අධ්‍යාපනයක් ලබාදීම තහවුරු කිරීම හා සෑමදෙනාටම ජීවිත කාලය පුරාම ඉගෙනීම සඳහා දිරි ගැන්වීම. (Quality Education)
5 ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම තහවුරු කිරීම හා සියලූම ගැහැණු දරුවන් හා කාන්තාවන් බල ගැන්වීම.( Gender Equality)
6. සැමටම ජලය හා සනීපාරක්ෂාව ලබාදීම තහවුරු කිරීම හා සියලූ දෙනාටම ආරක්ශිත පානීය ජලය ලබාදීම සඳහා ගෝලීයව සාධාරණ ප්රවේශයන් 2030 වනවිට ඇති කිරීම, ¥ෂණය අවම කරමින් හානිකර ද්‍රව්‍ය සහ රසායනික පරිසරයට මුදා හැරීම් නැති කරමින් පිරිපහදු නොකරන ලද අප ජලය මුහුදට හැමුදාහැරීම හරි අඩකින් අවම කිරීම සහ ජලය නැවත භාවිතය සහ ජල ප්‍රතිචක්‍රීකරණය ප්‍රතිශතය ඉහළ නංවමින් ජලයේ ගුණත්වය 2030 වනවිට දියුණු කිරීම, තවද අනික් සියලූම අංශවල ජල භාවිතය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ජල හිඟයට විසදුම් සෙවීම සහ එමගින් ජල හිඟයෙන් පීඩා විඳින පිරිස අවම කරගැනීම, 2020 වන විට ජලය සමග බැඳී පවතින පරිසර පද්ධති වන ගංගා වැව් කඳු වනාන්තර තෙත් බිම් හා වගුරු බිම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීම මෙහි ඉලක්කයන් වේ.(Clean Water and Sanitation)
7.සැමටම ලබාගත හැකි විශ්වාසනීය තිරසාර සහ නවීන කාලීන බලශක්තියට ප්‍රවේශ වීම තහවුරු කිරීම. (Affordable and Clean Energy)
8. තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට ආධාර කිරීම හා සැමට පූර්ණ ඵලදායි රැකියා සහ වැදගත් කර්මාන්ත ආරම්භ කිරීම. (Decent Work and Economic Development)
9. ඔරොත්තු දෙන යටිතල පහසුකම් තිරසාර කර්මාන්තකරණයක් හා නව්යකරනයක් ඇතිකිරීම. (Industry, Innovation, and Infrastructure)
10. රටවල් අතර ඇති අසමානතාවයන් අවම කිරීම.( Reduced Inequalities)
11. ආරක්ෂාකාරී සුනම්‍ය හා තිරසාර නගර හා මානව ජනාවාස ඇති කිරීම. (Sustainable Cities and Communities)
12. තිරසාර පරිභෝජනය හා නිෂ්පාදන රටාවක් ඇති කිරීම.( Responsible Consumption and Production)
13. දේශගුණ විපර්යාස හා එහි බලපෑම මැඬලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම.( Climate Action)
14.තිරසාර සංවර්ධනයක් උදෙසා සාගර මුහුදු හා සමුද්‍ර සම්පත් සංරක්ෂණය සංරක්ෂණය හා තිරසාර භාවිතය. (Life below Water)
15. භෞමික පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම නැවත ඇති කිරීම හා තිරසාර භාවිතයට පෙළඹවීම හා වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා කාන්තාරකරණය වැළක්වීම, භූමි ඛාදනය වැලැක්වීම, හා ජෛව විවිධත්වය නැතිවී යාම වලකාලීම.( Life on Land)
16. තිරසාර සංවර්ධනය සඳහා සියලූම දෙනා අයත් වන සාමකාමී සමාජයක් ඇති කිරීමට අනුබල දිය යුතු අතර සැමටම නීතිය හා සාධාරණත්වය ලබාදීමට සහ සියලූම මට්ටම්වලින් ඵලදායි වගකීමක් සහිත ආයතන ඇති කිරීම. (Peace, Justice, and Strong Institutions)
17. තිරසාර සංවර්ධනය සඳහා ගෝලීය සහයෝගීතාවය නැවත බලගැන්වීම හා ක්‍රියාත්මක කිරීම.(Partnerships for the Goals)
තිරසාර සංවර්ධන අරමුණු දිනාගැනීම සඳහා ක්‍රියා කිරීම සියලූ දෙනාගේම වගකීමක් වේ .මේ සඳහා තිරසාර සංවර්ධන අරමුණ සහ එහි ඉලක්කයන් පිළිබඳව හොඳින් දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ .ශ්‍රී ලංකාව ද මෙම අරමුණ දිනා ගැනීම සඳහා කැපවී ක්‍රියා කරන බවට අන්තර්ජාතික ප්රඥප්තීන්ට අත්සන් තබා ඇති බැවින් ,මෙම ක්‍රියාවලියේ පාර්ශවකරුවන් වීමට පුරවැසියන් වශයෙන් අපට අයිතියක් ඇත .එහි සඳහා අප රජය විසින් ගනු ලබන්නා වූ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් විමසිලිමත් වීම ප්‍රශ්න කිරීම සහ අදහස් දැක්වීම සිදු කළ යුතු වේ .
ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධන අභිමතාර්ථ ක්‍රියාවට නැංවීම සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් ද පත් කරන්නේ මීට වසර කිහිපයකට ප්‍රථමව යි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ වෙබ් අඩවිය ද එළි දක්වනු ලබනවා.
සංවර්ධන ක්රමෝපායන් ක්‍රියාවට නැංවීමේ දී, තිරසර සංවර්ධන අභිමතාර්ථ හා ඉලක්ක කළමනාකරණ ක්‍රම ශිල්පයක් බවට පත්කිරීමට සහ ඒ අනුව සම්පත් වෙන් කිරීම සඳහාත්, තිරසර සංවර්ධනය උදෙසා වැඩසටහන් සකස් කිරීම සඳහා මෙන්ම, තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ වගකීම තහවුරු කර ගැනීම සඳහා මාර්ගයක් සකස් කර ගැනීම වෙනුවෙනුත් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියා කරන රාජ්‍ය ආයතනය වන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යි.
මෙම තිරසර ජීවන ක්‍රියාමාර්ග ඔස්සේ ලෝකය නැවත සැකසීම ගෝලීය යහපැවැත්මට ස්ථීරසාර ක්‍රියාමාර්ග වේ. එබැවින් මෙම ක්‍රියාමාර්ග සෑම රටකම ජනයා පිළිපැදිය යුතුිසාරධර්ම’ ගණයට වැටී තිබේ. ඒවා ශ්‍රී ලංකාවාසී අපට ද අදාළය. එමනිසා අප සියලූ දෙනාම එකතු වී තිරසාර දිවි පැවැත්මකට අනුගත වීම තුලින් අපගේ අනාගත් පරපුරට වඩා යහපත් ලෝකයක් උරුමකර දෙමු.
Add comment