YAN Sri Lanka

මූලික දැනුම වර්ධනය කිරීමේ මාර්ග ගත පාඨමාලාව

Youth Action Network (YAN)  ස්වේච්ඡා තරුණ ජාලය සමඟ සම්බන්ධ වන ඔබ වෙනුවෙන් මෙම මාර්ග ගත පාඨමාලාව නිර්මාණය කර ඇත. YAN ජාලයේ මුලික අරමුණු මුල් කර ගනිමින් මෙම පාඨමාලාවේ සාකච්ඡා සකස් කර ඇත.

මෙම පාඨමාලාව වීඩියෝ සාකච්ඡා 8කින් සහ එම සාකච්ඡාවලට අදාළ පැවරුම් 8 කින් සමන්විත වේ. මෙම සියලු දැ සඳහා පැය 10 කාලයක් ඔබට වෙන් කිරීමට සිදු වනු ඇත. මෙම පැය 10 එක දිගට සම්පුර්ණ කිරීමට අවශ්‍ය නොවේ. 

එක් විඩියෝ සාකච්ඡාවක් පැයක කාලයක් පමණි. සාකච්ඡාවලට අදාල පැවරුම් විඩියෝවට පහලින් දක්වා ඇති අතර එම ස්තානයේන ඔබට පැවරුම අප හට යොමු කල හැක.

වැද‍ගත්: ඔබ පාඨමාලාව ආරම්භ කරන දවසේ සිට දින 14 ක් ඇතුලත පාඨමාලාව සම්පුර්ණ කල යුතු වේ. 

වීඩියෝ සාකච්ඡා සියල්ල නැරඹීම සහ අදාල පැවරුම් 8 සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබගේ දැනුම පරික්ෂා කිරීමේ ඇගයීමක් සිදු කරයි. ඔබගේ සියළුම පැවරුම් අවසන් කිරීමෙන් පසු අප ඔබගේ ඇගයීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙනු ලබයි. 

මේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරන අය සඳහා වටිනා සහතිකයක් අප විසින් පිරි නමයි. 

මෙම පාඨමාලාව ආරම්භ කිරීම සඳහා මෙතැනින් පිවිසෙන්න

වැඩිවිස්තර සඳහා
amaranath@adicsrilaka.org
WhatsApp 0714240238

Recent Actions